ජාතික ගීය විකෘති කළ උමාරියාට එරෙහිව පැමිණිල්ලක් .

ජාතික ගීය විකෘති කළා යැයි කියන ප්‍රසිද්ධ ගායිකවක් වන උමාරියා සිංහවංශ ට එරෙහිව අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණනන් විසින් සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත්කර ඇති අපේ රටේ ජාතික ගීය විකෘති කිරිම හෝ විකෘතිකර ගායනා කිරිම බරපතල වරදකි.නමුත් ඊයේ (30) දින පැවති ප්‍රිමියර් ලීග් සමාරම්භක තරගාවලියේදි ගායිකාවක් වන උමාරියා සිංහවංශ යන අය විසින් අපගේ ජාතික ගීය වීකෘතිකර ගායනා කරමින් අපේ රටට අපකීර්තියක් ගෙන දුන්නේය.

ඇය එය විකෘති කර ගායනා කළා පමණක් නොව නමෝ නමෝ මාතා යන්න නමෝ නමෝ මහතා යනුවෙන් ගායනා කරමින් ජාතික ගීය හාස්‍යයට ලක්කළේය.

ඉන්දියාව වැනි රටක ජාතික ගීය මේ ලෙස විකෘති කළේනම් මේ වන විටත් එම රජය ඊට අවශ්‍ය පියවර ගෙන අවසන්ය.නමුත් අපේ රටේ බලධාරින් මේ විකෘතිය දැක නිහඬව සිටිම කනගාටුවට කරුණකි.

මෙවන් ක්‍රියා ඉදිරියටත් සිදුවිමේ ප්‍රවණතාව වැඩි බව පෙනේ.මේ නිසා ජාතික ගීය විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් හා එම අවස්ථාව සංවිධානය කළ අයට එරෙහිව හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි.

ලෝකයක් ඉදිරියේ අපේ ජාතික ගීය විකෘතිකර ගායනා කිරිමෙන් අප දැන් ලෝකය තුළ හාස්‍යයට ලක්ව ඇත.

Exit mobile version