මහනුවර දළදා මාලිගාවේ පාලකයන්ගේ දුෂණ අතරේ ව්‍යාජ දළදා මාළිගාව නැවතත් කරලියට. ජානක සේනාධිපතිට පැමිණිල්ලක්.

පොතුහැර , මහපිටියවත්ත , අහුගොඩ ප්‍රදේශයේ දළදා මාළිගාවක් සහ පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට විරුද්ධව පොතුහැර පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ 77 හැවිරිදි වියේ පසු වූ තම පියා ජානක සේනාධිපති නැමැත්තාගෙන් ප්‍රතිකාර ලබා ගත් බව හා අවසානයේ රෝගය උත්සන්න වීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවත් ප්‍රකාශ කරමිනි.

කෙසේ නමුත්, ආගමික ලබ්ධිය වෙනුවෙන් මෙන්ම බෞද්ධ ධර්මයට අනුව කටයුතු කිරීම නීතිමය වශයෙන් කිසිඳු බාධාවක් නැත. එසේම මෙම ස්ථානය මෙන්ම රට පුරා විවිධ ස්ථානවල දළඳා මාළිගා තිබේ. මෙම පුද්ගලයාට එරෙහිව මීට පෙරද නීතිවිරොධී ලෙස ජීවත් වන කණ්ඩායම් නිසා විවිධ ගැටලු වලට මුහුණ දීමට සිඳුවිය.

එසේම, තම තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මෙම ස්ථානයට එරෙහිව විවිධ මාධ්‍ය නිවේදන පවා නිකුත් විය. ඒ අතර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ගිහි පාලකයන්ගේ දූෂණ, වංචා විශාල ප්‍රමාණයක් මේ වන විට ප්‍රසිද්ධ වී තිබෙන්නේ සාක්ෂි සහිතවය. නමුත් තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

Exit mobile version