ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
” ඉඩම් සංවර්ධන පනත යටතේ ලබාදුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කරනවා. එහි මූලික වැඩසටහන ලෙස ඉඩම් ඔප්පු 10,000ක් ලබාදීම දඹුල්ල ක්‍රීඩාංගණයේදී සිදු කරනවා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ලබාදුන් ඉඩම්වල සින්නකර අයිතිය ලබාදීම කොළඹදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.”
