හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පොලිස් කොස්තාපල්වරයකු ආදුරුප්පු වීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50ක් සොයාගත් බවට පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.