අයිස් සමග කොස්තාපල් මාට්ටු .

අයිස් මත්ද්‍රව්‍ය තබාගෙන සිටි බව කියමින් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු මොරටුව ක්ලෝඩියස් මාවතේදී මොරටුව මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් වරයා හොරණ ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි වියේ පසුවන අයෙක් යැයි පොලීසිය පවසයි.

මෙම ආධුනික කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයෙක්දැයි යන්න සොයා ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බව සදහන්.

Exit mobile version