තම පුත්‍රයා ලේලියට පහර දෙන බව පවසමින් මාවතගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අයෙකුගේ පැමිණිල්ල සටහන් කර නොගත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව වාර්තා වේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා 17 වන දින රාත්‍රියේ රාජකාරීයේ යෙදී සිටියදී පොලිසියට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයෙකු විසින් තම පුත්‍රයා විසින් ලේලියට අමානුෂික ලෙස පහර දෙන බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ ඇති අතර එහිදී එම පැමිණිල්ල සටහන් කර ගැනීම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාවතගම පොලිස් අධිකාරීවරයා විසින් අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව සදහන් වේ.
