දේශබන්දුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය .

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

කථානායකය, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ධුරයට පත් කෙරුණි.

ඒ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවය.

2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර තිබේ.

Exit mobile version