වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ යෝජනාවකට අනුව මහජනතාව යොමු කරන ලද පැමිණිලි දිස්ත්‍රික්ක මට්ටමෙන් විමර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (17) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
එම අධිකාරිය සඳහන් කරන්නේ දිස්ත්‍රික් 25ක් තුළ මෙලෙස විමර්ශන පැවැත්විය හැකි ක්‍රියා පටිපාටියක් සකස් කිරීමට අදාළ ක්‍රියාවලියක් එළිදක්වා ඇති බවත් , පාරිභෝගිකයන් යොමු කරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිය යුතු බැවින් විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවත් , ඒ හේතුවෙන් පාරිභෝගිකයින් හට සහන සැලැස්වීමේ අරමුණ කඩ වන බවත්ය .
