තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතා සහ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට.

තෙල්දෙණිය කෙන්ගල්ලේ සුපිරි වාහන සේල් ආයතනයකින් සුඛෝපභෝගී ජීප් රථ තුනක් සහ වෑන් රථයක් කොල්ල කෑමේ සිද්ධියට වත්තේගම පොලිසියට ලද තොරතුරක් මත  සැකපිට මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයාට අයත් පල්ලේගම දොරගමුවේ නිවස පිටුපස ගරාජයේ තිබී කොල්ල කන ලද ජිප් රථ දෙක සොයා ගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version