අධිකරණ කාර්‍යාල කාර්‍ය සහයකයෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට.

රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්‍යාල කාර්‍ය සහයකවරයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දැරණියගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරුගේ බිරිඳට ගිනි අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සන්තකයේ තිබී කිනිසි හතක් සොයා ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version