ඩෙංගු සහයකයින්ගේ සංගමයට අධිකරණයෙන් නියෝගයක්.

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමයේ නියෝජිතයින් හට මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින් අද (20) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීමට සූදානම් බව සහ ඉන් මහජන පීඩාවක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව පවසමින් මරදාන පොලිසිය විසින් අධිකරණය වෙතින් කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේත්‍රාත් ලෝචිනී අබේවික්‍රම විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්ට රෝහල් චතුරස්‍රය , සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ අවට පිහිටි රෝහල් වලට බාධාවන පරිදි ඩීන්ස් පාර සහ ඒ අවට මාර්ග මෙන්ම පදික වේදිකා භාවිතා කරමින් උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කර තිබෙන බව සඳහන් වේ.

Exit mobile version