එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක් දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර එහි පළමු එක්දින තරගය ජුනි දෙවනදා පැවැත්වීමට නියමිත බවත් , දෙවන තරගය ජුනි හතරවනදා පැවැත්වීමට නියමිත බවත් , තෙවන සහ අවසාන තරගය ජුනි හත්වනදා පැවැත්වීමට නියමිත බවත් සඳහන්.
මෙම තරගාවලීන් තුනම හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර මෙම තරගය ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය බව ද වාර්තා කරයි.
