ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ .
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මේ අයුරින් බොරතෙල් මිල පහළ බැස ඇති අතර ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාත් අඩුවී තිබෙන බව සඳහන් .
