ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ අත්හිටුවයි.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ අත්හිටුවීමට සිදුව ඇතැයි රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එම සංගමය පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර සඳහා සේවා සපයන ආයතන සමඟ ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා නඩත්තු කටයුතු ඇනහිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් , මෙය බරපතල තත්වයක් බවත්ය.

එමෙන්ම එම රෝහල් පරිපාලනය සී.ටී. ස්කෑන් යන්ත්‍ර සේවාව නැවතත් ආරම්භ කිරීමට විකල්ප ක්‍රම සොයමින් සිටින බව ද වාර්තා වේ.

Exit mobile version