ප්‍රධාන රෝහල් දෙකක CT ස්කෑන් යන්ත්‍ර අක්‍රීයයි.

කළුතර ශික්ෂණ රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම යන්ත්‍ර අක්‍රීය වීමෙන් විකිරණ පරීක්ෂණ අත්‍යාවශ්‍ය රෝගීන් සඳහා පමණක් සිඳු කිරීමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version