මත් ජාවාරමකට උදව් කළ රේගු පරීක්ෂක මාට්ටු.

මර්ජුවාන නැමති මත්ද්‍රව්‍ය කිලෝ 10 යි  ග්‍රෑම් 417 ක් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ජාවාරම් සදහා ආධාර  අනුබල  ලබා දීම,  සම්බන්ධයෙන්  රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මුලස්ථානය පවසා ඇති බව වාර්තා වේ.

සැකකාර රේගු පරික්ෂකවරයා ඉහත  ජාවාරම්කරු සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර,   අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි.   
   
මෙම රේගු පරික්ෂකවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ   විමර්ශන පවත්වා සැකකරු   අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රේගු  පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා   මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා ජාවාරම්කිරීමට ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශන වලදි හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Exit mobile version