වන අලින් ගම් වැදීම හා වගා බිම් වෙත පැමිණීම වැලකීමට අලි අගල් කැපීමට ගෙන තිබු තීරණය වළක්වාලමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ පරිසර යුක්ති සංවිධානය හා තවත් පිරිසක් විසින් අලි අගල් කැපීම පරිසර නීති රීතීන්ට පටහැනි බව පවසමින් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැදවු අවස්ථාවේ බව සදහන් වේ.
මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නිකුත් කර ඇති බව සදහන් වේ.
ඒ අනුව මෙම නඩු විභාගය සැප්තැම්බර් මස 22 දිනට පැවැත්වීමට නියෝග ලබාදෙන ලදී.
