මෝඛා සුළි කුනාටුවෙන් 81කට දිවි අහිමි වෙයි.

මියන්මාරයට බලපෑ මෝඛා සුළි කුනාටුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

සුළි කුනාටුවත් සමග ඇති වූ ආපදා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පුද්ගලයින් 100 කට වඩා අතුරුදහන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සුළි කුනාටුව හේතුවෙන් තාවකාලික වාසස්ථාන රැසක් විනාශ වී ඇති අතර එරට සන්නිවේදන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බව සදහන්.

ගෙවුණු වසර 10ක කාලය තුළ එරට ගොඩබිමට පැමිණි ප්‍රබලතම සුළි කුනාටුව මෙය බව සදහන් .

Exit mobile version