අවුරුදු 11 ක දැරියක් අපයෝජනය කළ පියෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
වසර තුනක පමණ කාලයක සිට මෙම පුද්ගලයා සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බවත් , මෙම දැරියගේ මව වසර කිහිපයකට පෙර වෙන්ව ගොස් ඇති බවත් , සැකකරුගේ දෙවන බිරිඳ විසින් මෙම දරුවා බලාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ .
එම කාන්තාවගේ ද දැනුවත්භාවය මත මෙම අපයෝජනය දිගින් දිගටම සිදු වී ඇති බව අනාවරණය වූ හෙයින් ඇයවද ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (01) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
