උසස් පෙළ කලා ප්‍රථමයාට ඩී.අයි.ජී. ගෙන් ත්‍යාග.

උසස් පෙළ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණි අතපත්තු සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ආධාර පරිත්‍යාගයක් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ විසින් ඊයේ (05) සිදු කළ බව වාර්තා වේ.

මෙම සිසුවියගේ පියා වන ඩබ්ලිව්.එම්.එම්. මුදියන්සේ දැදිගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරී කරන අතර සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් පිළිබඳව සොයා බැලීමට දැදිගම සහ වරකාපොළ යන පොලිස් ස්ථානාධිපතිවරුන් හට නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ විසින් උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version