ජපානයේ ටොරිෂිමා දූපත අසළ අද (09) අලුයම රිච්ටර් මාපාංක 4.9 ක ප්‍රබලත්වයෙන් භූමි කම්පාවක් හට ගත් අතර ඉන් අනතුරුව වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට සුනාමි අවදානම් නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අමාමි දූපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා එම නිවේදන නිකුත් කර තිබේ .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ වනවිටත් සමහර දූපත්වල අඩි දෙකක් පමණ රළ ඉහළට ගොස් ඇති බවයි.
