“ඩැනී බේබි” රක්ෂිතයට

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු ලබන අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවට වාර්තා වේ.

ඊයේ (27) උදෑසන මෙම ඝාතනය සිදුවූ අතර මෙලෙස ඝාතනයට ලක් වූයේ ආර්.එම්.දීපශිකා නැමැති 30 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් “ඩැනී බේබි” නැමැත්තා අද (28) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Exit mobile version