පාස්කු ප්‍රහාරයේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (24) යළි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
මීට පෙර ද හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණ ද ඔහු ඒ සඳහා නොපැමිණ තිබුණි. නමුත් මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගන්නා බව සඳහන්.
