නැන්දම්මාගේ රන් මාලය සොරාගත් ලේලිය අත්අඩංගුවට .

විවාහ උත්සවය සිදු කිරීමට ණයට ලබා ගත් මුදල් ගෙවීමට නැන්දම්මාගේ රන්මාලය සොරාගත් ලේලිය අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තොටකනන්ත ,හබුරුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මෙම රන්මාලය ලේලිය විසින් බැංකුවක උකස් කර තිබියදී සොයාගත් බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

උකස් කර ලබා ගත් මුදලින් විවාහ උත්සවය සඳහා ණයට ගත් මුදල් ගෙවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ලේලිය අද(09) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.

Exit mobile version