පියාගේ දෑතින් දියණියගේ මුහුණ පුළුස්සයි.

පින්වත්ත, වඩුපාසල්වත්ත ප්‍රදේශයේදී පියා විසින්  16 හැවිරිදි  දියණියගේ මුහුණ පිළිස්සූ බව පවසා පින්වත්ත පොලිසිය වෙත ලැබුණු  පැමිණිල්ලක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (5) දින රාත්‍රියේ දී  මෙම පැමිණිල්ල එම දැරිය විසින්ම පින්වත්ත පොලිසිය වෙත කර ඇති අතර පසුව ඇය සිය මව සමග පානදුර රෝහලවෙත ප්‍රථිකාර සදහා ගොස් ඇති  බව වාර්තාවේ.

දැරිය හා මව නිවසේ සිට ඇති අතර මව අසල පිහිටි වෙළදසැලට ගිය මොහොතේ මෙම පියා නිවසට පැමිණ තිබේ. දැරිය රාත්‍රී ආහාර සකසමින් සිටියදී මුළුතැන් ගෙට පැමිණි පියා රත්වී තිබු රයිස් කුකර පියන ගෙන දැරියගේ මූණට තබා මුහුණ, කම්බුල්  පුළුස්සා  ඇති බව පැවසේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කොට තිබේ.

Exit mobile version