පවිත්‍රාගේ විදේශ ගමන් තහනම ඉවතට.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර තිබෙන බවට වාර්තා වේ.

ඒ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද (10) කැදවූ අවස්ථාවේදීයි.

පසුගිය වසරේ මැයි 09 වනදා ගාලු මුවදොර භූමියේදී සහ අරලියගහ මන්දිරය අසලදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ,පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න යන තිදෙනාට මෙම තහනම පනවා තිබූ බව සදහන්.

Exit mobile version