- පක්ෂයේ මහලේකම් පන්නා දමන බව කියා ලක්ෂ 50ක ඔට්ටුව අල්ලා ඇත්තේ පක්ෂයේ භාණ්ඩාගාරිකයි – දයාසිරි සියල්ල හෙළිකරයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක ඔට්ටුවක් අල්ලා ඇත්තේ එම පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් බව අනාවරණය වී තිබේ .
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් දයාසිරි ජයසේකර මහතා විසින්ම මෙම කරුණු හෙළිකර තිබීම විශේෂත්වයක්.
පක්ෂයත් පාක්ෂිකයාත් පවා දෙමින් ආණ්ඩුවේ තනතුරු සහ වරදාන ලබා ගත් පිරිසක් නැවත සුක්ෂම සහ නීතිවිරෝධී ලෙස පක්ෂයට ඇතුළු වී තමා පක්ෂයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළ බවයි දයාසිරි ජයසේකර මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ.
එහිදී එම කුමන්ත්‍රණය සිදු කළ පුද්ගලයින් මෙන්ම එය සිදුකළ ආකාරයද හිටපු මහලේකම්වරයා විසින් මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.
වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,
