ග්‍රේට් වෙස්ට(ර්)න් මරණය අභිරහසක්.

තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනේ තිබී සොයාගත්  හඳුනා නොගත් කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම කාන්තාවගේ අනන්‍යතාව හඳුනාගැනීමට මෙතෙක් නොහැකිවී ඇති අතර ඇයගේ වම් අතේ තිබී “මදුසංක” ලෙස කෙටූ පච්චයක් හඳුනාගෙන තිබූ බව සදහන්.

කන්ද උඩදී ඇය මියගිය පසු කන්ද පාමුලට විසි කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර ඇයගේ අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටී.

Exit mobile version