ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට .

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා හි මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාව හේතුවෙන් එම පළාතේ වේලි දෙකක් කැඩී යාමෙන් ඇති වූ මහා ගංවතුර හේතුවෙන් මෙසේ සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නමුත් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා යා හැකි බව ඩර්නා හි නගරාධිපති අබ්දෙල්-මොනීම් අල්-ගයිති පවසයි.

එමෙන්ම මධ්‍යධරණී නගරයේ තවත් පුද්ගලයන් 10,100ක් අතුරුදන්ව ඇති බවට ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ (IFRC) ලිබියාවේ මහලේකම් මාරි එල්-ඩ්‍රෙස් පවසයි.

මීට අමතරව සුළි කුණාටුවෙන් රටේ වෙනත් තැන්වල පුද්ගලයන් 170 ක් පමණ මිය ගොස් ඇති බව සදහන්.

Exit mobile version