පසුගිය දින කිහිපය තුළ දී මෙරට පොලිසි තුළ සිදු වූ මිනිස් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සහ රජය විසින් ක්‍රියාත්මක කර ඇති සත්‍ය සෙවීමේ කොමිසම සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී අවධානය යොමු කළ බව වාර්තා වේ.
ඊයේ (19) දින ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් මූලස්ථානයේදී පැවැත්වුණු 53 වන මානව හිමිකම් සමුළුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන අතර මෙම සමුළුව ලබන මස 14 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්.
