ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදය අද.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් අද(24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ.

2022 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු කළ ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ජාතික විගණනයට අදාළව විගණන කෙටුම්පත් වාර්තාව තුළින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විවිධ පාර්ශවකරුවන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ප්‍රතිචාර දැක්වූ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය අද මෙලෙස පැවැත්වීමට නියමිත බව සදහන්.

Exit mobile version