ගුරුවරුන් බඳවා ගැනීම ගැන තීරණයක්.

බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සඳහන් කළේ, ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බවයි.

ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 කි. 

විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දී තිබේ.

Exit mobile version