වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බවයි.
අරලියගහ මන්දිරයේ අද (08) පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.
