සා.පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි කිරීමට තීරණයක්.

ගුරු වෘත්තීය සංගම් විසින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බලා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට ලබා දෙන දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹදී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මීට අමතරව ඔවුන්ට දින දෙකක රාජකාරි නිවාඩු ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version