ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය ලබන මස අත්හිටුවීමට සලකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූ බව වාර්තා වේ.
‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමත් ධාරිතාව වැඩිවීමත් පිළිබඳව සාකච්ඡා කර කිව්.ආර්. කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.
