යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා හිමි දීමනා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිඵලයක් ලෙස මියගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බවයි.
එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දිමනා හිමි නොවන අතර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප පමණක් හිමි වන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙම තත්ත්වය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින වැන්දඹුවන් ඉදිරිපත් කළ ඉල්ලිම් සලකා බලා ඔවුන් වෙත සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
ඇතැම් පාර්ශව විසින් මෙම දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් ආබාධිත හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන අවස්ථා පිළිබඳ නිරීක්ෂණ වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
