ආරක්ෂක ලේකම් සින්දුවක් ලියලා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) යන නව කතා ද්විත්වය සහ “ ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්වුණු බව වාර්තා වේ.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව සදහන්.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය වෙත කෘති පිළිගැන්වීම සිදු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර විසින් සංගීතවත් කර තිබූ අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර විසින් එය ගායනා කරනු ලබයි.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන ලදි.

ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලයද එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක වෙත මෙහිදී භාර දී තිබේ.

Exit mobile version