ඩෙල්ෆ් 5 මිනිස් ඝාතනය 6 දක්වා ඉහලට.

පසුගිය 22 වන දා යාපනය ඩෙල්ෆ් හිදී පුද්ගලයකු විසින් 5 දෙනකු  කපා කොටා ඝාතනය කොට එක අයකුහට පරපතල කැපුම්  තුවාල සිදුකිරීමේ සිද්ධියේ තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව එම සිදුවීමේ මරණ හයක්වන අතර මෙලෙස අවසන් වරට ඊයේ (27) දින මිය ගොස් ඇත්තේ යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 100 ක් වන කාන්තාවක් බව පොලිසිය සදහන් කරයි.

ඩෙල්ෆ් පොලිසිය මේ සම්බන්ධව වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version