ඩෙලෝගේ නිවස පොලිස් පරීක්ෂාවට.

වසර 12 කට අධික දීර්ඝ කාලයක පටන් මන්නාරම් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගාල්ල , කොළඹ , මහනුවර , කුරුණෑගල ආදී ප්‍රදේශවලට කුලී රථ මඟින් බෙදා හරින ප්‍රධාන සැකකරුවෙකු වන ඉන්දික ගම්මන්පිල නොහොත් ඩෙලෝ පදිංචිව සිටි නිකවැව හංදියේ නිවස සහ ඉඩම ඊයේ (11) හොරොව්පොතාන පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළ බව වාර්තා වේ.

මෙම වැටලීම සිදු කිරීමට පෙර ඩෙලෝ නිවසින් පලා ගොස් ඇති අතර ඔහු කුලී පදනම මත දැනට මිලදී ගෙන ඇති දංකොටුව ප්‍රදේශයේ නිවසක් වෙත ද පොලිස් අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.

සිදු කළ වැටලීමෙන් පරීක්ෂාවට ලක් කළ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සහ බාල වයස්කාර දරුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මෙම සැකකරු අමානා තකාෆුල් බැංකුව කොල්ල කෑ ප්‍රධාන සැකකරු ලෙසත් , පසුගිය කාලයේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණ පානදුර ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ පාතාල ගැටුමේ සාමාජිකයෙකු බවත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version