විශේෂ කාර්‍ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිඳු කළ වැටලීමකදී මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක් වන අතර මොහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් ද සොයා ගත් බව සඳහන්.
අත්අඩංගුවට පත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන පුද්ගලයාගේ පුත්‍රයා වන මලීෂ නම් පුද්ගලයාගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිඳු කරන බව අනාවරණය වී තිබේ.
සැකකරු සහ හෙරෝයින් වැඩි දුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.














































