ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව.

මෙතෙක් සිඳු කරන ලද ඩෙංගු පරීක්ෂා කිරීම්වලදී මදුරුවන් බෝ වන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගත් බවත් , ඩෙංගු මර්දනය කිරීම සඳහා අනුගමනය කරන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඩෙංගු මර්දන වැඩසටහන් හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තියේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි වුවත් එමඟින් මෙතෙක් අපේක්ෂිත ප්‍රතිඵල අත්වී නොමැති බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version