කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක්.

දිස්ත්‍රික්ක 15කට අයත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

ඒ අනුව මෙම වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගින් 31,000 ඉක්මවූ බවත් ඉන් 25% ක්ම පාසල් ළමුන් බවත් සදහන්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා,

“දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨස 55ක් අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නම්කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන දත්ත අනුව ඩෙංගු මරණ 15ක් වාර්තා වෙනවා. රෝහලකට දරාගන්න පුළුවන් සංඛ්‍යාව 600ක් පමණ වෙනවා ශ්‍රී ලංකාය තුළ. නමුත් මෙවන විට රෝගීන් 2,000කට අසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එම වාර්තා වන රෝගීන්ගෙන් 25%ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන්. එම නිසා පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පෞද්ගලික උපකාරක පංතිවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අපි අනිවාර්යෙන් පියවර ගන්න අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේවන විට චක්‍රලේඛනයක් නිතුත්කරලා තියෙනවා පාසල්වල විදුහල්පතිවරන් සඳහා ඩෙංගු කමිටු සක්‍රීය කරන්න කියලා. ඒ වගේම ඩෙංගු කමිටු සක්‍රීය කරලා විතරක් වැඩක් නැහැ. මේකට අදාළව ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකකස් කරන්න ඕනේ.”

Exit mobile version