ඩෙංගු නැවතත් හිස ඔසවයි.

සැප්තැම්බර් මාසයේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 1000 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කර ඇත්තේ වර්ෂාවත් සමඟ ඇතැම් ප්‍රදේශවල මදුරු ඝනත්වය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවයි.

Exit mobile version