“ඩෙංගු” යලි හිස ඔසවයි.

කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා විසින් පෙන්වා දී ඇත්තේ  දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් වැඩිවෙමින්  පවතින බවයි.

ඒ අතරින්  වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්ථා වන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ.

කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා වැඩි දුරටත් අදහස් දක්වමින්.

මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතිනවා. රට පුරා වර්ෂාව වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම මේ තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවෙනවා. පසුගිය වසරට වඩා බස්නාහිර පළාතේ විශේෂයෙන්ම රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. 2017 දී තමා මෑත කාලයේ වැඩිම රෝගීන් වාර්තාවුණ වර්ෂය විදියට සටහන් වෙන්නේ. ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවට සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේ දී මේ තත්ත්වය තවත් වර්ධනය විය හැකියි. දැනට තියෙන අවධානම තත්ත්වය මත මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩකඩ තියෙනවා.”  යැයි පවසා තිබේ.

දැනට වැඩි අවදානමක් සහිත බස්නාහිර පළාතේ රෝගීන් බහුලව වාර්තාවන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල වැඩි අවධානයක් යොමු කරමින් ජනතාව දැනුවත් කිරීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමුව ඇති බව සදහන් වේ.

ඒ අනුව අද (26) දින  සිට මැයි මස 02 දින දකවා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන  ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version