පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ජාවාරම්කරුවෙක් ,චමල්, බැසිල්, නාමලුත් අපරාධවලට වගකියන්න ඕනි .

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ජාවාරම් කරුවෙකු බවට පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අනාවරණය කර තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සහ සිංහරාජ අධි රක්ෂිතය ආසන්නයේ ඔහු සිය බලය යොදා ගනිමින් ජාවාරම් ක්‍රියාවල නිරත වන බවයි.

මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ අලි-මිනිස් ගැටුම කළමනාකරණය සඳහා යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම වළකා ලමින් ප්‍රදේශයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සහ ඊට අනුබල ලබා දෙමින් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් සිදු කරමින් යන නීති විරෝධී මැදිහත් වීම් රැසක් පිළිබඳ ද සජීව චාමිකර මහතා මෙහි දී සංවේදී තොරතුරු රැසක් හෙළි කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,

Exit mobile version