“ලෝකෙම ගණන් ඉස්සුවත් ලංකාව පරණ මිලටම යූරියා දෙනවා” – මහින්ද අමරවීර

ලෝක වෙළඳපොලේ යූරියා පොහොර මිල ඉහළ ගියද මෙරට ගොවීන්ට ලබාදෙන යූරියා පොහොරවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූ බව වාර්තා වේ.

මේ වනවිට රුසියාව සහ යුක්‍රේනය අතරත්, පලස්තීනය සහ ඊශ්‍රායලය අතරත්, පවතින යුද ගැටුම් ඉහළ යමින් පැවතීමේ තත්ත්වය මත යූරියා ඇතුළු රසායනික පොහොරවල මිල ගණන් ඉහළ යා හැකි වුවත් එම බර මෙරට  ගොවීන්ට දරන්නට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

මෙතෙක් ආනයනය කරන ලද යූරියා පොහොර තොගවලින් මෙට්‍රික් ටොන් 21,000ක් මේ වනවිට බෙදාහැර ඇති අතර තවත් යූරියා පොහොර විශාල ප්‍රමාණයක් ආනයනය සඳහා මිල ගණන් කැඳවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් පොහොර සමාගම් සතුව තිබූ පොහොර එම මිලටම සපයන අතර, අලුතින් මිලදී ගන්නා යූරියා පොහොර මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් තිබුණ ද පැවති මිල වන රුපියල් 9000ක මුදලටම ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version