‘දෙයියන්දර සුමියා’ අත්අඩංගුවට .

ජර්මනියේ නිෂ්පාදිත අති නවීන රිවෝල්වරයක් සමග ‘දෙයියන්දර සුමියා’ නමින් හැදින්වෙන සංවිධානාත්මක අපරාධකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව දෙයියන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොහු ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

44 හැවිරිදි පුද්ගලයෙකු වූ මොහුට මත්කුඩු අලෙවිය සහ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Exit mobile version