‘දෝණි’ මුල්ලේරියාවේදී අල්ලයි.

විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක සහ කොළොන්නාවේ චන්දන යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයවූ ‘දෝණි’ නම් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මුල්ලේරියාව රණබිම ප්‍රදේශයේදී ඊයේ (27) සිදුකළ වැටලීමකදී හෙරෝයින් ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්‍ය බලකාය සඳහන් කර තිබේ.

37 හැවිරිදි වියේ පසුවන සැකකාරිය වැඩිදුර විමර්ශණ සදහා මුල්ලේරියාව පොලීසියට භාරදී ඇති බව සඳහන්.

Exit mobile version