පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන් පිට ව ගොස් තිබෙන බව වාර්තා වේ .
රෝහල්ගත වී පැය 03ක පමණ කාලයක් ඇතුළත ඇය පිට ව ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ .
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වුණි.
