ඩයනාගේ තීන්දුව අප්‍රේල් 24 දිනට කල් යයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (06) නියෝග කළේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද?  යන්න ලබාදෙන තීරණය මෙම මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ය.

ඒ එම මහත්මියට විරුද්ධව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර තිබේ.

Exit mobile version